අසේලට තරගාවලියම අහිමි වෙයි

අසේලට තරගාවලියම අහිමි වෙයි
ෂිකර් ධවාන් ලබාදුන් උඩ පන්දුවක් ස්ලිප් ස්ථානයේ සිට රැක ගැනීමට යාමේදී මහපට ඇඟිල්ල පුපුරා යාමකට ලක්වූ අසේල ගුණරත්නට තරගාවලියම අහිමිවී තිබේ.
ආබාධයට ගොදුරු වූ අසේල ඊයේ කොළඹට රැගෙන යාමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඇති අතර ඊයේ රාත්‍රියේදී ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව ඇති බව ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ පවසයි.
අසේලගේ අහිමිවීම ඉතාමත් පාඩුවක් බව පවසන ගුරුසිංහ මෙම තරගය 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවී ඇති බව පවසයි.
මෙම ආබාධය නිසා අසේලට සති 4-6 ක කාලයක් විවේක ගැනීමට සිදුවිය හැකි බවද ගුරුසිංහ පවසයි.