අවුරුදු 30ට පසු සම්බන්ධන් රහසක් හෙලි කරයි

අවුරුදු 30ට පසු සම්බන්ධන් රහසක් හෙලි කරයි

ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමේ දී ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ එක්සත් භාවය ආරක්ෂා වන අයුරින් කටයුතු කළ බව දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.

මෙලෙස පැවසූ විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ ජාතික ගැටළුවට ස්ථිර විසඳුමක් අත්‍යවශ්‍ය බවයි.
ඉන්දු – ලංකා ගිවිසුමට වසර 30ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඉන්දියාවේ ‘‘ද හින්දු’’ පුවත්පත සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට ලක් නොවුනා නම්, ජාතික ගැටළුවට අනිවාර්යෙන්ම විසඳුමක් ලබාගත හැකිව තිබූ බවද ඔහු පවසනවා.