පරාජයන් වැලක් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් දෙදරයි

පරාජයන් වැලක් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් දෙදරයි

එස් එස් සී පිටියේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉණිමක සහ ලකුණු 53ක ජයක් වාර්තා ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වූහ.
ඉන්දීය කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 622ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඊට පිළිතුරු වශයෙන් පළමු ඉණිමට ලකුණු 183ක් සහ , දෙවන ඉනිමට හැකි වූයේ ලකුණු 386ක් පමණි.
ශ්‍රී ලංකා දෙවන ඉණිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 141ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 110ක් රැස් කළද පරාජෙයන් බේරීමට ඒය ප්‍රමාණවත් නොවුණි.
මේ අතර දිගින් දිගට සිදුවන පරාජයන් සමඟ  ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනෙය්ද කැළඹිලි පටන්ගෙන තිබෙන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු මෙන්ම තේරීම් කමිටුවේ සමාජිකයෙකු වන අසංක ගුරුසිංහ සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග  වාර්තා කරයි.
ඉහළ පෙළේ නිළධාරීන් සමගින් ඇතිවූ උණසුම් වචන හුවමාරුවකින් පසු මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවත් මේ වන විට ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත භාරදීමට අසංක ගුරුසිංහ කටයුතු කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත්  වාර්තා කර සිටිනවා.