ජාතික රෝහලට නව පරිගණක පද්ධතියක්

ජාතික රෝහලට නව පරිගණක පද්ධතියක්

ජාතික රෝහ‍ලේ වෛද්‍ය වාට්ටු 16 හා රසායනාගාරය ඒකාබද්ධ කරමින් ස්ථාපිත කර ඇති නව පරිගණක පද්ධතිය විවෘත කිරීම ලබන 15 වෙනිදා සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
මෙම වැඩපිළිවෙළ යටතේ වෛද්‍ය වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් රසායනාගාර වාර්තාවන් සෘජුවම අදාළ වාට්ටුවේ පරිගණකය වෙත ඇතුළත් කරන බැවින් වාට්ටු භාර වෛද්‍යවරයාට එය බලා ගැනීමට අවස්ථාව උදා වෙන බවද අධ්‍යක්ෂවරයා පැවැසීය. මෙමගින් රෝහ‍ලේ රසායනාගාර වාර්තාවන්ගෙන් සියයට 90ක්ම නිකුත් කෙරෙන බැවින් ප්‍රතිකාර කටයුතු කාර්යක්ෂමව සිදුකර ගැනීමට හැකි වනු ඇතැයිද හෙතෙම පැවැසීය. ඉදිරියේදී මෙම පරිගණක වැඩපිළිවෙළ රෝහ‍ලේ අනෙකුත් වාට්ටු වෙතද ස්ථාපිත කිරීමට කටයුතු කරන බව පැවැසේ.
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කර තිබෙන මෙම වැඩපිළිවෙළ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන පහක් පමණ වන බවද වෛද්‍ය ජාසිංහ මහතා පැවැසීය.