යකාගේ වංගුව

යකාගේ වංගුව

ජේ.ආර් 78 අලුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනකොට ඇන් ඇම් හිටියේ අසනීපෙන් ය. ඒත් මේ ව්‍යවස්ථාවේ තියෙන අනතුර ඇන් ඇම් හොඳටම දැක්කේය.

‘ඔසි මේ මනුස්සයා කරන්න යන දේ කොච්චර භයානකද කියලා දන්නවද? සියලූම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ටික අල්ලාගෙන, අසීමිත බලයක් තනි පුද්ගලයකුට පවරාගන්න යන්නේ, ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම. ආයිත් පාර්ලිමේන්තුවට, අධිකරණයට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ’

ජේ ආර් ගෙනෙන ව්‍යවස්ථාව ගැන ලෙඩ ඇඳේ හිඳිමින් ඇන් ඇම් එහෙම කීවේ මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න එක්ක ය. ජේ ආර් ගේ ව්‍යවස්ථාවේ සිටි ‘යක්ෂයා’මුලින්ම දැනගෙනන හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් වන්නේ ඒක හැදූ ජේ ආර් ය.අනෙක් කෙනා වන්නේ එහි ආදීනව දැනගෙන හිටිය ඇන් ඇම් ය.

හැබැයි 78 ව්‍යවස්ථාව යක්ෂයෙක් බව ජේ ආර් කීවේ නැත. හේතුව ඒක හැදුවේ ඔහුගේ ඕනකමට හින්දාය. හැබැයි යක්ෂයා හඳුනාගත් ඇන් ඇම් එහි බියකරු බව රටටම කීවේය. ඒ විතරක් නොවේ,‘‘නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවේචනාත්මක විග‍්‍රහයක්’’ නැමැති කෘතිය”1979 ලියා ව්‍යවස්ථා යක්ෂයාගේ ‘බිහිසුණු’බව ලියා තැබුවේය.

ඔහු එදා කී සියල්ල සහමුලින් ඇත්ත වෙන්නට වැඩි කලක් ගියේ නැත.

ඔසි බලන්න මේ මිනිහාගේ බලය නිසා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ට වෙනදේ. ජනතා නියෝජිතයන්ගේ අභිමානයත්, ගෞරවයත් මේ මහා බලයක් ඉදිරියේ නැතිවෙලා යනවා. ඒ විතරක්ද ජනතා නියෝජිතයන්ට වෙන්නේ දේශපාලන ඇබිත්තයෝ වෙන්න. ජනාධිපතිට නමස්කාර කරගෙන ඔහුට අවනතව දෙන දෙයකින් සෑහීමකට පත්වෙන්න… ඕක තමයි ලංකාවේ අනාගත දේශපාලනය වෙන්නේ… මට කියන්නේ මේක දැක දැක අහක බලන් ඉන්නද? මිනිස්සුන්ට මේක ගැන අනතුර අඟවන එක මගේ වගකීමක්, ඉතුරු ටික අනෙක් අය බලාගන්න ඕනේ’

ඇන් ඇම් මේ කියන්නේ ඔස්මන්ඞ් ජයරත්න, එක්ක ය. (ඔස්මන්ඞ් ජයරත්න1990 වර්ෂයේ ඇන්. ඇම්. අනුස්මරණ ලිපි එකතුව)

එතෙක් පැවති බලතුලනය 1978 ව්‍යවස්ථාව තුළින් විපරීත කරමින්, ඒකාධිපති ආණ්ඩුවක් කරා වන ගමන රටට හිතකර නොවන බව බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ ඇන් ඇම් කීවාට පස්සේය. ජේ. ආර්. ප‍්‍රථමයෙන් කෙළේ, විධායක ජනාධිපති ක‍්‍රමයේ ඒකාධිපති බලතල තහවුරු කර ගැනීමය.ඊට පස්සේ ඔහු ඔහුට ඕනෑ හැටියට බලය පාවිච්චි කළේය.

‘මට බැරි ගැහැනියක් පිරිමියෙක් කරන්නත්,පිරිමියෙක් ගැහැනියක් කොරන්ඩත් විතරයි.අනෙක් සේරොම කොරන්ඩ පුලුවන්’කියා ඔහු පාක්ෂිකයින් හුරේ දමද්දී එහෙම කීවේය.

එම ක‍්‍රියාවලිය, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මහින්ද රාජපක්ෂ කූටප‍්‍රාප්තියට පත්කර ගත්තේය. ජේ. ආර්. ප‍්‍රථමයෙන් කෙළේ, විධායක ජනාධිපති ක‍්‍රමයේ ඒකාධිපති බලතල තහවුරු කර ගැනීමය.ඊට පස්සේ ඔහු ඔහුට ඕනෑ හැටියට බලය පාවිච්චි කළේය.

‘මට බැරි ගැහැනියක් පිරිමියෙක් කරන්නත්,පිරිමියෙක් ගැහැනියක් කොරන්ඩත් විතරයි.අනෙක් සේරොම කොරන්ඩ පුලුවන්’කියා ඔහු පාක්ෂිකයින් හුරේ දමද්දී එහෙම කීවේය.

78 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන ආ දවසේ හොඳම කතාව කළේ සිරිමාවෝ බණඩාරනායක ය.ආණ්ඩු පක්ෂය කළ නොනවතින බාදා මැද ඈ මේ ව්‍යවස්ථාවේ බිහිසුණු බව කීවාය.ඊට පස්සේ සරත් මුත්තෙට්ටුවේගමද සිරිමාවෝගේ කරුණ සනාත කරමින් කතා කළේය.

මාදුලුවාවේ සෝභිත හිමි ඇතුලු මහ සඟරුවන එදා ජේ ආර් ට විරුද්ධ වූහ.එහෙත් ජේ ආර් ආපසු හැරුණේ නැත.

එම ක‍්‍රියාවලිය, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මහින්ද රාජපක්ෂ කූටප‍්‍රාප්තියට පත්කර ගත්තේය. තුනෙන් දෙකට වැඩි බලයක් තිබ්බ මහින්ද පවා බලයට ආවේ ව්‍යවස්ථාව වෙනස් කරන බවට පොරොන්දු වෙලා ය.එතෙක් මෙතෙක් වැඩිම බලයක් තිබ්බ මහින්දගේ ආණ්ඩුව කරපු එකම සංශෝධනය 18වන ව්‍යවස්ථා සංශෝධනය ගේන එකය.ප්‍රංශයේ ඩිගොල්ටත් එහා බලතල තිබූ 78 ව්‍යවස්ථාවට තවත් බලතල එක් කරමින් මහින්ද ‘අද්භූත’වැඩක් කළේය.

18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජපක්ෂට ජනාධිපතිධුරය ඉසිලිය හැකි කාලය සීමා රහිත කෙරුනි. “ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථා වෙනස්කම් ආඥාදායක පාලනයක් තහවුරු කරයි” කියා එකල කීවේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ය.

‘ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම අදයි’ කියා ජනතා විමුක්ති පෙරමුණ කීය.

මෙරට දේශපාලනයේ වැඩියෙන්ම බැණුම් ඇසූ දෙයක් වේනම් ඒ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය.ජේ ආර් ට පවා මිනිස්සු බණින්නේ ඔහු ගෙනා ව්‍යවස්ථාව නිසාය.අවුරුදු ගානක් තිස්සේ හැම මැතිවරණයකදීම එකි නෙකා ‘පට්ටා ගැසූ’ මාතෘකාව 78 ව්‍යවස්ථාවය.අවුරුදු 17ක එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරලා දමා 94 පොදුජන එක්සත් පෙරමුණ බලයට එන්නේ,’අලුත් ව්‍යවස්ථාවක්’ ගෙන එන බව කියමින් ය.’රටට පිළිලයක් වූ විධායක ජනාධිපති ධූරය අහෝසි කොට නව ව්‍යවස්ථාවක්‘ ගේන බව පොදු පෙරමුණේ ප්‍රථිපත්ති ප්‍රකාශය විය.

එහෙත් චන්ද්‍රිකා යුගයේදී ව්‍යවස්ථාවේ අකුරක්වත් වෙනස් කරන්නට බැරිවිය. පාර්ලිමේන්තුවට ගෙනා ව්‍යවස්ථා කෙටුම්පත විපක්ෂය ගිනි තැබුවේය.

ඊට පසුව දෙවන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයද ව්‍යවස්තාව වෙනස් කරන තැනට වෙනස් විය.තමන්ගේ නායකයෙන් ගෙනා ව්‍යවස්ථාව වෙනස් කරන්න ඔවුන්ම එකඟ වූහ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට එන්නේ වෙන කවරදාටත් වඩා ‘වෙනස්’පසුබිමකින්ය. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉල්ලුවේ ‘අමුතු මාදිලියක්’හඳුන්වා දෙමින්ය.

‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක්’යනුවෙන් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙයි.ඒ අනුව ඔහු ජනාධිපතිවරණයට එන්නේම එය මුල් කරගෙනය.මිනිස්සු ඡන්දය දෙන්නේද ඒ ප්‍රථිපත්ති ප්‍රකාශයට ය.එහි මුලින්ම ඇත්තේද මේ ගැනය.

  1. ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක්

* අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරේ.
* කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව සමග සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක්
* මනාප ක්‍රමයේ සංශෝධනයෙන් සෑම මැතිවරණ කොට්ඨාසයකට ම මන්ත්‍රීවරයෙක්
* යහ පාලනය අධීක්ෂණයට යාන්ත්‍රණයක්
* අධිකරණය, පොලීසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සඳහා ස්වාධීන කොමිෂන් සභා

ඉතිං,මේ ආණ්ඩුව බලයට ආවේ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගේන බව කියමින්ම ය. දැන් ප්‍රශ්නය දැකලාවත් නැති ව්‍යවස්ථාවකට ‘සම්,අහරු’බිය වී කෑ ගැසීමය.මේවා හදන කමිටුවල ආණ්ඩුව එක්ක විපක්ෂයත් සිටී.ව්‍ය්වස්ථා කෙටුම්පත සකසන්නේ ඔවුන් සියලු දෙනා එකතුවෙලා ය.කමිටු කාමර වලදී එකට ඉඳලා යෝජනාත් ලබා දී එළියට ඇවිත් ‘පත්තු කරන්නේ’ද විපක්ෂයම ය.

‘රට බෙදන ව්‍යවස්ථාවක් ගේනවා’කියා බෙරිහන් දෙන්නේ එහෙම එකක් ගේන්නේ නැති බව දන්නා,එහෙත් නොදන්නා ගානට ඉන්නා විපක්ෂය මය. 72 පළමු ජනරජය ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේදීත්, 78 ව්‍යවස්ථාව ජේ.ආර් විසින් සම්මත කර ගැනීමේදීත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 18 වන සංශෝධනය සම්මත කර ගැනීමේදීත් ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයක් සිදුවුණේ නැත.එහෙත් මෙවර ගෙනෙන්නට කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයක් ය.

ව්‍යවස්ථාවට මහජන අදහස් දෙන්න කියා කීවම මිනිස්සු ඒකට අදහස් දුන්හ.ඕන අදහසක් ඉදිරිපත් කරන්න ඉඩ කඩත් එතන තිබ්බේය.නානා ප්‍රකාර අදහස් මිනිස්සු ලබා දුන්හ.දැන් විපක්ෂය අල්ලාගෙන ඉන්නේ ‘සුමන්තිරන්’දුන්න අදහසක් ය.මේක අල්ලාගෙන මහින්දලා,විමල් ලා ‘බිල්ලෙක්’නිර්මාණය කරන්නේ කුහක කමට ය.

 ‘ජේ.ආර් ගේ ව්‍යවස්ථාව සම්මත කරගත් දිනයේ සිට එය අකුලා ගන්නා ලෙස බලකරමින් විරෝධතා පවත්වමින් එය පට්ට පතුරු ගැසූ අය දැන් දැන් එයම කර තියාගෙන යා යුතු බවට යෝජනා කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ’ යනුවෙන් රාජිත කියයි

මේ වෙනස් කරන්නට යන්නේ මහසඟරුවන,සිවිල් සංවිධාන ඇන් ඇම්ලා,සිරිමාවෝලා,විජේවීරලා වැනි හැමෝම විරුද්ධ වූ 78 ව්‍යවස්ථාව වෙනස් කරන්නට සැරසෙන එකය.

‘වඩා හොඳ ව්‍යවස්ථාවක්’ගෙන ඒමට මැදිහත් වීමේ ඉඩ කාටත් තිබේ.තුනෙන් දෙකෙන් සම්මත කොට ජනමත විචාරණයකිනුත් සම්මත කිරීමෙන් පමණක් නව ව්‍යවස්ථාව ගෙන එන බව ආණ්ඩුව කියයි.ඊටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී රටාවක් තියේද කියා කියන්නට දන්නේ නැත.