අත පය සිඹින වහලුන්ටනම් ‘රවී’නිවැරදියි

අත පය සිඹින වහලුන්ටනම් ‘රවී’නිවැරදියි
රවී කරුණානායක කියනවා නම් ඉතිහාසය විසින් ඔහු නිවැරදි කරයි කියලා එසේ සිදුවන්නේ අපේ රටේ ජනතාව වහල්ලූ පිරිසක් බවට පත්වුණොත් පමණයි. එසේ නොමැතිව අනාගතයේ අපේ රටේ පුරවැසියන් බිහි වෙනවා නම් රවී කරුණානායකට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි. අද වගේම රවී කරුණානායක සිප වැළඳ ගන්න, මුහුණ සිඹීන, අත සිඹින වහලූන් පිරිසක් බිහි වුවහොත් රවී කරුණානායක නිවැරදි වේවි. ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කුමන හෝ අපරාධකරුවෙක් අපරාධයක් සිදුකරන අවස්ථාවේදී ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. රවී කරුණානායක වංචනික ක්‍රියාවලියකට හවුල් වෙන මොහොතේ ඔහු දැරූ මුදල් ඇමතිධුරය ඉවත් කොට විදෙස් ඇමතිධුරය ලබාදුන් පමණින් ඔහු නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. විදෙස් ඇමති ඇඳුම ඇන්දවීමෙන් හෝ එම ඇඳුම උණා දැමීමෙන් ඔහුට නිවැරදිකරුවෙක් වෙන්න බැහැ. රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම ඔහු සිදුකළ වංචාවට දඬුවමක් නොවේ.
අද (11) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කියා සිටියේ අල්ලස් පනත යටතේත්, මුදල් විශුද්ධිකරණ පනත යටතේත් රවීට එරෙහිව ක්‍රියා කළ යුතු බවයි