ඇමැතිගේ ‘පට්ටම’ගැලවෙන්න ළඟයි

ඇමැතිගේ ‘පට්ටම’ගැලවෙන්න ළඟයි

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සුදානම් වෙනවා. රජයේ විශ්වාසය පලුදු වන අකාරයට අමාත්‍යවරයා කටයුතු කිරිමට ඊට හේතුවයි. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය  සමග ඔහු කටයුතු කරමින් සිටිනවා. ඒ සදහා අතරමැදියා ලෙස කටයුතු කරන්නේ ඇවන්ගාඩි අධිපතිවරයායි. ඔහු සමග විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පසුගිය සතියේ සිංගප්පූරු සංචාරයක් ද ගොස් තිබෙනවා. ඇවන්ගාඩි අධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් සමග සමිප සබදතාවයක් ද පවත්වාගෙන යනවා. අධිකරණ අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට ඉඩ ලබා නොදෙන බවයි. කෙසේ වෙතත් රජයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද මේ පිළිබද අවධානය යොමු කර ඇති බවයි. ඇතැම් විට විශ්වාසභංගයට පෙර විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට නියමිතව ඇත.