රවී ආපසු හරවන්න ඒකබද්ධයෙන් සිය ගානක් දුරකතන ඇමතුම්

රවී ආපසු හරවන්න ඒකබද්ධයෙන් සිය ගානක් දුරකතන ඇමතුම්
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට අමාත්‍යධූරයෙන් ඉවත් නොවන ලෙස බලපෑම් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභල මන්ත්‍රීවරුන් දුරකථන ඇමතුම් ලබා දී ඇටිහි බව වාර්තා වෙයි.
හිටපු රජයේ ඉහළම තැනකින් දුරකථන ඇමතුම් 20 කට ආසන්න සංඛ්‍යාවක් ලබාදී ඇත. රවී කරුණානායක ඉල්ලා අස්වුවහොත් තමන්ට ආන්ඩුවෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බවත් විශ්වාසභංග යෝජනා යෝජනා ගෙනඒමෙන්ද ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙන බවත් ඒ ප්‍රභලයා පවසා තිබේ.. ‘නරක තත්ත්වයක් තමයි ඇතිවෙන්නේ. රවී ඉල්ලා අස්වුවහොත් අපේ කිහිප දෙනෙකුටම ඉක්මණටම හිරේ යන්න වෙනවා.
‘ඒ බව මන්ත්‍රීවරුන්ට තේරෙන්නේ නැහැ. විශ්වාසභංග ගෙනල්ලා තිබෙනවා. අපි සියලු දෙනාම එකට සිටිය යුතුයි.’ඔහු පවසා තිබේ. ඔහු මාධ්‍ය හමුවකදීද පසුගියදා කියා සිටියේ තමන් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන බවයි.