රවී යහපාලනයට ජයක් ගෙනත් දුන්නා

රවී යහපාලනයට ජයක් ගෙනත් දුන්නා

පක්ෂයක් විදිහට තව දුරටත් එක්ව හිඳින්නට තීරණය කර ඇති බැවින් ආණ්ඩුව තුළ රැඳී සිටින බවත්, පක්ෂය විසින් තීරණය කරනු ලැබුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවත් ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි. රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම, ජාතික ආණ්ඩුවේ ජයග්‍රහණයක් බවත්  ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
තනි පක්ෂයක් පමණක් බලයේ සිටියේ නම් මෙවන් අවස්ථාවකදී අනෙක් මන්ත්‍රීවරුන්ද ඉවත්වීමක් සිදුවන බවත්, එහිදී බලය ගිළිහී යන බවත් හෙතෙම කියා සිටියේ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.