වෛද්‍යවරුන්ට මේ රටේ ඉන්න බෑ

වෛද්‍යවරුන්ට මේ රටේ ඉන්න බෑ
වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට මෙරට සෞඛ්‍ය සේවය තුළ රැදී සිටීමේ අපහසුතාවයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ එම නිසා ඇතැම් වෛද්‍යවරුන් තම මූලික පත්වීම් ද බාර නොගන්නා බවයි.
එමෙන්ම වෛද්‍යවරුන් රට හැරයාමේ තත්ත්වයක්ද උදාවී ඇති බව ඒ මහතා කියා සිටියේය.
කොළඹ ඊයේ(10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නවීන් ද  සොයිසා මහතා මේ බව ප්‍රකාශ කළේය.