චෝදනා පහකින් විජේදාසට විශ්වාසභංගයක්

චෝදනා පහකින් විජේදාසට විශ්වාසභංගයක්

අමාත්‍ය විජේදාස රාජපක්ෂයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. හාලිඇල ප‍්‍රදේශයේ දී අද පැවති උත්සවයක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් තීරණයක් ගෙන නැතැයි එහි මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

මේ අතර ඔහුට එරෙහිව ගෙනෙන විශ්වාස භංගයේ පිටපතක් මාධ්‍ය වෙන යොමු කොට තිබේ. එහි ඔහුට එරෙහි චෝදනා 5ක් ඇතුලත්ය.