දූෂිතයින් ඇල්ලීම කඩිනම් කරන්න කැබිනට්ටුව ඇමැති විජේදාසගෙන් ඉල්ලයි

දූෂිතයින් ඇල්ලීම කඩිනම් කරන්න කැබිනට්ටුව ඇමැති විජේදාසගෙන් ඉල්ලයි

අද කැබිනට් හමුව මදක් උණුසුම් මුහුණුවරක් ගෙන තිබන බව වාර්තා වෙයි. ඒ, ඉකුත් වකවානුවේ මහාපරිමාණ දූෂන වංචාවල යෙදුනු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමීව සිදුවීම ගැන අමාත්‍යවරු කතා බහට ගැනීම නිසාය.
අමාත්‍යවරු කියා සිටියේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙ පිළිබඳව සිය අවධානය කඩිනම් කළයුතුයි කියාය. රාජපක්ෂ අමාත්‍යවරයා පවසා තිබෙන්නේ ඊට අදල කටයුතු තමන්ට උවමනා ලෙස කළ නොහැකි බවය. එහෙත් ඊට අදාල කැබිනට් අනුමැතිය ලද පත්‍රිකාවක්  නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකොට තිබූ බව ඇමැතිවරු පවසා තිබේ.
විජේදාස රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක් එවැනි කඩිනම් කිරීමේ නීති ගෙන ආ හැකි බව නීතිපතිවරයා දැනුම් දී තිබෙන බවය.
කෙසේ වෙතත් විභාගයට ගතයුතු ෆයිල් රැසක් මේවනවිටත් ‘සිරවී‘ තිබෙන බව ඇතැමුන් පවසයි.