රට බේරපු අම්මා ශිරන්ති?

රට බේරපු අම්මා ශිරන්ති?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය ප්‍රකාශය පස්වරු 1.30ට පමණ ලබාදී අවසන් කළා. මේ අතර එම පරිස්‍රයට හිතවතුන් රැසක් පැමිණ සිටියා. ටෙලි නාට්‍ය නිළි මධූෂා රාමසිංහ මෙම කෑගැසීම් කරන අය අතර ඉදිරියෙන්ම සිටියා. ඇය ඇතුලු පිරිස පැමිණ ශිරන්ති මැඩම්ට ජයවේවා රට බේරපු අම්මට ජයවේවා යයි හඩ නැගුවා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ද එම ස්ථානය අවට රැඳී සිටිමින් කළු පටි පළඳා විරෝධතාවක් ද පැවැත්වූවා.