පොළොන්නරුව හිඟුරක්ගොඩ මාර්ගයේ ඇතුමල්පිටිය ප‍්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන නැණසිරි ප‍්‍රඥාරත්න සිරිසේන නොහොත් ලාල් සිරිසේන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් පසු ඔහු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර පසුව පොලිසියට භාර වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව සැකකරු පොලිසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගැනුනා.

පොළොන්නරුව මහේස්ත‍්‍රාත් රුවන් කුමාර හමුවට ඉදිරිපත් කෙරුණු  සැකකරු හෙට (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු පැදවූ මෝටර් රථය යතුරු පැදියක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. ඉන් මිය ගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක්.