‘දල්මියා අනුස්මරණ’ දේශනයට සංගාට ආරාධනා

‘දල්මියා අනුස්මරණ’ දේශනයට සංගාට ආරාධනා

වසර 2011 දී ක්‍රිකට් ක්‍රීඩාවේ යහගුණය පිළිබඳ ‘කොලින් කවුඞ්රි’ දේශනය කරමින් ක්‍රිකට් ලෝකයම සසළ කළ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර සංගක්කාරට ‘ජග්මෝහන් දල්මියා‘ අනුස්මරණ දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කර තිබේ. ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායකයකු මෙන්ම බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති සව්රව් ගංගුලි මහතා විසින් සංගක්කාරට මෙම ආරාධනාව කරනු ලැබ ඇත.

“මම ඔහුට (සංගක්කාරට) කතා කළා. අපි ඉක්මනටම දිනය තහවුරු කරගන්නවා” යැයි ගංගුලි මහතා
මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය.

චතුර කතා ශෛලියක් හිමි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අයකු ලෙස සලකනු ලබන සංගක්කාර 2011 දී කළ ක්‍රිකට් ක්‍රීඩාවේ යහගුණය පිළිබඳ ‘කොලින් කවුඞ්රි’ දේශනය ලෝ පුරා පැසසුම් ලැබීය. එම දේශනයේදී මෙම විශිෂ්ට ක්‍රිඩකයා ශ්‍රී ලංකාවේ ඉතිහාසයණි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මූලාරම්භයණි ලාහෝර් ප්‍රහාරයණි අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ 1996 ලෝක කුසලාන දිනාගැනීම සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය වැනි මාතෘකා ඔස්සේ අති විශිෂ්ට දේශනයක යෙදුණේය.

ජග්මෝහන් දල්මියා අනුස්මරණ දේශනය කිරීමට ආරාධනා ලැබ සිටින සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින නමුත් තවමත් ක්‍රීඩා කරමින් සිටින්නෙකි. ඔහු ටෙස්ට් තරග 134 ක් ක්‍රීඩා කරමින් ලකුණු 12,400 ක් රැස්කර ගත්තේය. එමෙන්ම එක්දින තරග 404 ක් හා විස්සයි විස්ස තරග 56 ක් ක්‍රීඩා කර ඇති හෙතෙම ඒවායේදී පිළිවෙලින් ලකුණු 14,234 ක් සහ ලකුණු 1382 ක් ලබා ගෙන ඇත.

kelimandala.lk