මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා දක්ෂතා උරගා බැලෙන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙල 29 වන වරටත් ඊයේ සහ අද දෙදින පුරා පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, එහි සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ පැවැත්විණි.
 
දිවයිනේ මහවැලි කලාප 10 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500 ක් පමණ මෙම ක්‍රීඩා උළෙලට එක්ව සිටි අතර දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
 
2017 මහවැලි ක්‍රීඩා උළෙලේ ජවන සහ පිටිය දක්ෂතම ක්‍රීඩකයා ලෙස හුරුථවැව කලාපයේ යූ.ආර්.ඩී. රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් ජය සංකේත ලබා ගත්තේය.
 
එමෙන්ම මීටර් 400 දිවීමේ තරගය තත්ත්පර 56 කින් නිමාකර නව තරග වාර්තාවක් පිහිටුවමින් 2017 මහවැලි ක්‍රීඩා උළෙලේ ජවන සහ පිටිය දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වලව කලාපයේ නදීෂා රාමනායක ජනාධිපතිතුමා අතින් ජය සංකේත ලබා ගත්තාය. 
 
තරගාවලියේ සමස්ථ ශරතාවය ලකුණු 82 ක් ලබා ගනිමින් මහවැලි බී කලාපය විසින් දිනාගත් අතර අනුශරතාවය ලකුණු 63 ක් ලබා ගනිමින් මහවැලි එච් කලාපය විසින් හිමිකරගනු ලැබීය. 
 
තෙවන ස්ථානය ලබා ගන්නා ලද්දේ වික්ටෝරියා කලාපයයි. 
 
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුථ පළාතේ මැති ඇමතිවරු සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අනුර ලේකම්ගේ යන මහත්වරුන් ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප : සුදත් සිල්වා