තමන්ගේ නියෝගයක් අනුව කළ දෙයකට ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන දෙදෙනා නිකරුණේ දඬුවම් විඳින බවත් සිල් රෙදි බෙදා දීම වරදක් නොවන බවත් එය මැතිවරණ සමයේ බෙදාදීම නිසා මෙසේ දඬුවම් විඳීමට සිදුවී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීය.බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ සුව දුක් විමසිම සඳහා අද(11) පෙරවරුවේදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහල වෙත ගියහ.

මේ අතර පාර්ලිමේන්තු මන්‍ත්‍රි චමල් රාජපක්ෂ මහතා ද ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන්ගේ සුවදුක් විමසිම සඳහා අද බන්ධනාගාර රෝහල වෙත පැමිණි තිබුණි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ වැලිකඩ බන්ධනාගාරයේ වැඩ බලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලි තේනුවර මහත්මියගේ 2017 ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්.
ඒ , ඇය ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේ පිළිගත් කාර්ය පටිපාටිය උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින්ය.