නඩාල් නොම්මර එකේ තරම පෙන්වයි

නඩාල් නොම්මර එකේ තරම පෙන්වයි

සිය තුන්වැනි අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගැනීමට සුපිරි ක්‍රීඩකරෆායල් නඩාල් සමත් විය.  සිය ප්‍රතිවාදී ක්‍රීඩකයාගෙන් කිසිම ආකාරයේ අභියෝගයකට ලක් නොවී අත්කර ගත් මේ ජයග්‍රහණය ඔහුගේ ටෙනිස් තරග දිවියේ 16 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවය වේ.

දකුණු අප්‍රිකාවේ කෝඩුකාරයා වන කෙවින් ඇන්ඩර්සන්ට කදිමට කියා දුන් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් නිව්යෝක් නුවර බිලි ජීන් කිංග් ටෙනිස් මධ්‍යස්ථානයේදී පැවැති එක්සත් ජනපද විවෘත ශූරතාවලියේ අවසන් තරගයේදී ලකුණු 6-3, 6-3 සහ 6-4 ක් ලෙස පහසුවෙන්ම ජයගත්තේය.

පසුගිය ජූනි මාසයේ දී ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ ජයගත් 31 හැවිරිදි නඩාල් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (11 අලුයම) අත්පත් කරගත්තේ මේ වසරේ ඔහුගේ දෙවැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළයි. හෙතෙම වසරක් තුළ ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දෙකක් දිනාගත්තේ වසර 2013 න් පසුවය.