පළාත් සභාවල සංවර්ධන කටයුතු සදහා මධ්‍යම රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනිම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරාකොඩ ශ්‍රී ඥානරතන හිමි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගෙන් ඉල්ලීමක් කළේය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මංගල උපෝෂිතාගාරයේදී මහනායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාව සදහා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි සහ වෙඩරුවේ උපාලි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය එක්ව සිටියේය.

මෙම අවස්ථාවට එක් වූ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් ද අදහස් ඵල කළේය.