ඒ නිරුවත් ඡායාරූප වල ඉන්නේ මම නොවෙයි

ඒ නිරුවත් ඡායාරූප වල ඉන්නේ මම නොවෙයි
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක් පුවතක් තමයි” ගයාත්‍රිගේ නිරුවත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරිසරනවා.” කියන එක. ඇත්තටම ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද? අපි ඒ ගැන ගයාත්‍රිගෙන්ම විමසා සිටියා.
ගයාත්‍රි මොකක්ද මේ නිරුවත් ඡායරූප පිළිබඳ ඇත්තම කතාව? 
මිනිසුන්ගේ මානසික මට්ටම් අනුව තමයි ඔය වගේ දේවල් වෙන්නේ. මම ඔය වගේ දේවල් සත පහකට ගණන් ගන්නේ නැහැ.
ඔබේ අඩ නිරුවත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ පළවන බව තමයි මේ පුවතට මුල්වෙලා තියෙන්නේ? 
කවුදෝ කාන්තාවක් පිටුපාලා ඉන්න නිරුවත්  පින්තූර වගයක් තමයි ඔය විදියට අන්තර්ජාලයේ සැරි සරන්නේ. ඕනෑම කෙනෙක් හොඳට ඇස් ඇරලා බැලුවොත් පෙනෙයි ඒ මම නොවෙයි කියන එක.
ඒ ඡායාරූපවලට ඔබගේ ඡායාරූප කියා කටකතාවක් හැදුනේ කොහොමද? 
අඩුම තරමින් ඇය මගේ හැඩරුවට වත් සමාන නැහැ. ඒ ඡායාරූප බලපු කෙනෙක් “මේ ගයාත්‍රි” කියලා කියන්න ඇති. ඒ කතාව දිගින් දිගටම යන්න ඇති. ඒ වගේ මානසික මට්ටම්වල අයනේ අපේ රටේ ඉන්නේ.
සිදු වූ අවමානයට ඔබ ගන්න පියවර මොනවාද? 
කිසිම පියවරක් ගන්නේ නැහැ. ඒ ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයිනේ.
කටකතා නිසා ගයාත්‍රිට සිත් තැවුලක් ඇති වුණේ නැද්ද? 
මගේ යාළුවෝ තමයි ඒ පින්තූරවල ලින්ක් එකක් මට එව්වේ. මමත් ඒවා බැලුවා. පැතිර යන කතාවත් ආරංචි වුණා.
මේ ගැන චන්නයි දුවලා දෙන්නයි මොකද කියන්නේ? 
ඒ අය ඇත්ත දන්න නිසා සිද්ධියට කම්පා වුණේ නැහැ.
පහුගිය කාලයෙත් ගයාත්‍රිට යම් යම් ප්‍රශ්න ඇති වුණා නේද? 
දැන් ඒ හැම ප්‍රශ්නයක්ම විසඳිලා ඒ නිසා ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ.
ගයාත්‍රිගේ හොඳම මිතුරිය නයනා කුමාරි. ඉස්සර හැම උත්සව අවස්ථාකම දෙන්න හිටියේ එකට. ඒත් දැන් දෙන්න එකට දකින්න නැහැ. ඇයි ගයාත්‍රියි නයනයි අමනාපද? 
දෙන්නගේ කාර්ය බහුලකම හින්දා දෙන්නට එකට ගමන් බිමන් යන්න බැරි වුණා. ඒත් අපේ යාළුකම නම් නැතිවෙන්නේ නැහැ. මේ සාකච්ඡාව ඉවර වෙලා මට දමිතගේ උපන් දින උත්සවයට යන්න තියෙනවා. ඒ ගමන යන්නෙත් නයනයි මමයි.
ගයාත්‍රි දුවලා දෙන්න එක්ක ලංකාව හැරලා යන බව පහුගිය දිනක “රිද්ම” හරහා මුළු රටටම කිව්වා. ඒත් ඔබ තවමත් ලංකාවේ ඉන්නවා. 
ලොකු දුවගේ අධ්‍යාපන කටයුතු හින්දයි ඒ වගේ තීරණයක් ගත්තේ. ඒත් මම දුවව එහෙ තියලා ආයෙත් ලංකාවට එනවා. මගේ නංගි ඉන්නෙත් විදෙස් ගත වෙලා. දුව නංගි ළඟ නවතින නිසා ආරක්ෂාව ගැන ගැටලුවක් නැහැ. දැනට හිතාගෙන ඉන්නේ එහෙමයි ඒත් කවද හරි දවසක මම ලංකාව අතෑරලා ගියොත් ඒ යන්නේ මේ කුහක මිනිස්සු ගැන කලකිරීමටම තමයි.