යොවුන් නළු දසුන් නිශාන් දිවියෙන් සමුගනී

යොවුන් නළු දසුන් නිශාන් දිවියෙන් සමුගනී

නව පරපුරේ දක්ෂ ජනප්‍රිය නළුවෙකු වන දසුන් නිශාන් මහතා හදිස්සියේ මියගොස් ඇත.පන්නිපිටියේ පිහිටි සිය නවාතැන් කාමරය තුළ ගෙල වැළලාගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර පොලීසියට හමුවී ඇත. සිරස රූපවාහිනිය ප්‍රචාරය වන “රතු පිච්ච” ස්වාධින රුපවාහිනියෙන් විකාශය වන “මුතුමලි” හිරු ටිවී මඟින් ප්‍රචාරය වන “කවුරුන්ද ඔබ මගේ” ඇතුළුොටෙලිනාට්‍ය රැසක රගපාන මොහු ගීත රූප රචනා රැසකද සිය නිරූපණයන් ඉදිරිපත්කර ඇත.
දක්ෂ නර්තන ශිල්පියකු වූ මොහු ලඟදීම තිරගතවීමට නියමිත “දේදුණු ආකාසේ” චිත්‍රපටයේ චරිතයක් නිරූපනය කොට ඇත.
සිය පෙම්වතිය හා විවාහ ගිවිස ගෙන සිටි ඔහු දිවි නසාගැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.