විද්‍යා ඝාතකයින් හතකට මරණ දඩුවම

විද්‍යා ඝාතකයින් හතකට මරණ දඩුවම

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට පත් ශිවයෝගනාදන් විද්‍යා දැරිය පැරගෙන ගොස් අපයෝජනය කර ඝාතන කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් ඇතුළු හත් දෙනෙකුට අද යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලකින් මගිනි.

අගනුවරින් පිටත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාගයක් පැවැති ප්‍රථම අවස්ථාව මෙය වන අතර යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ වවුනියා මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවරු මීට අයත් වෙති.