ලාස්වේගාස්හි ප්‍රසංගයට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 20ක් මරුට

ලාස්වේගාස්හි ප්‍රසංගයට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 20ක් මරුට

ලාස් වේගස් නගරයේ ජන සමූහයක් වෙත එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් අවම වශයෙන් 20 දෙනෙකුවත් මිය ගොස් තවත් 100ක් පමණ තුවාල ලබති.

අසල පිහිටි හෝටලයක 32වැනි මහලේ සිට තුවක්කුකරු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එළිමහනේ පැවති සංගීත සැණකෙළියක් නැරඹීමට පැමිණි පිරිසට ය.

සැකකරුට වෙඩි තබා මරා දැමූ බවත් ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය ප්‍රකාශ කළේය. සැකකරු සමඟ සිටි තවත් පුද්ගලයෙකු පිළිබඳව සොයමින් සිටින බව ද පොලිසිය හෙළිදරව් කළේය.