ඒඩ්ස් සහ ඩෙංගු ප්‍රධාන සෞඛ්‍ය ගැටළු දෙකක් වෙලා

ඒඩ්ස් සහ ඩෙංගු ප්‍රධාන සෞඛ්‍ය ගැටළු දෙකක් වෙලා

ඩෙංගු සහ එච්.අයි.වී.ඒඩ්ස් මේ වන විට මෙරට ප්‍රධානතම සෞඛ්‍ය ගැටළු දෙක බවට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2016 සහ 2017 වර්ෂවල ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍ර ලෙස වැඩි වු බවයි.

කොළොන්නාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර ලබන නොවැම්බර් මාසය වන විට යළිත් ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ මදුරු කීට ඝණත්වය 10ක්ව පැවති ඇතැම් ප්‍රදේශවල 20ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණවලදී වාර්තා වී ඇති බවයි.