ඒ.එස්.පී.ගේ පහරදීම කොමිසම විමසයි

ඒ.එස්.පී.ගේ පහරදීම කොමිසම විමසයි

හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී ‍පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට සහකාර ‍පොලිස් අධිකාරිවරයකු විසින් පහර දීම සම්බන්ධයෙන් ජාතික ‍පොලිස් කොමිෂන් සභාව මගින් ‍පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබා දීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉකුත් 6 දා හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
එහිදී විරෝධතාකරුවන් පලවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශවලට සිදුවූ අතර එහිදී පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවටද පත් විය.
එම අත්අඩංගුවට පත් එක් පුද්ගලයකුට සහකාර ‍පොලිස් අධිකාරිවරයකු විසින් පහර දීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ. පහර දෙන අයුරු මේ වන විට විවිධ සමාජ වබේ අඩවි ඔස්සේ සංසරණය වෙමින්ද පවතින අතර මේ සම්බන්ධයෙන් ලබන 12 වෙනි බ්‍රහස්පතින්දා දින ජාතික ‍පොලිස් කොමිෂන් සභාව රැස් වී විශේෂ සාකච්ඡාවක් සිදු කරන බවද එම කොමිසමේ ‍ලේකම් එන්. ආරියදාස කුරේ මහතා පවසයි.