සෝමාලියාවේ අගනුවරට දැවැන්ත ට්‍රක් බෝම්බ ප්‍රහාරයක් ; 189ක් මරුට

සෝමාලියාවේ අගනුවරට දැවැන්ත ට්‍රක් බෝම්බ ප්‍රහාරයක් ; 189ක් මරුට
සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු වෙත එල්ල වූ දැවැන්ත ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරයකින් 189 දෙනකුට වැඩි පිරිසක් මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
එල්ල වූ මෙම මරාගෙන මැරෙන ට්‍රක් රථ ප්‍රහාරය මීට පෙර එල්ල වූ ප්‍රහාර හා සැලකීමේදී තරමක විශාල ප්‍රමාණයෙන් ප්‍රහාරයක් යැයි ද එම වාර්තා සඳහන් කරයි. වසර 2007 ආරම්භ වූ ඉස්ලාමීය සටන්කාමීන්ගේ කැරැල්ලෙන් පසු එල්ල වූ දරුණුතම ප්‍රහාරය යැයි ද එම වාර්තාවල තවදුරටත් දැක්විණි.
ප්‍රහාරයත් සමඟ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කිරීමට සෝමාලියා ජනාධිපති මොහමෙද් අබ්දුල්ලාහි ෆාර්මාජෝ කටයුතු කර තිබිණි. මෙම ප්‍රහාරයෙන් 100කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
බෝම්බ සහිත ට්‍රක් රථය පුපුරා ගොස් ඇත්තේ අගනුවර පිහිටි හෝටලයක් ඉදිරිපිටදීය. ඒ ආසන්නයේ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාල, ආපන ශාලා, හෝටල් ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ගොඩනැගිලි රැසක් පිහිටා තිබේ.