හොලිවුඩ් පුරවරයේ දැවැන්ත චරිතයක්‌ වන චිත්‍රපට නිෂ්පාදක හාවි වයින්ස්‌ටයින්ට එරෙහිව දිනෙන් දිනම අලුතෙන් ස්‌ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන චෝදනා එල්ලවෙමින් පවතී. ඇන්ජලීනා ජොලී (Angelina Jolie) සහ ග්විනත් පල්ට්‍රොa (Gwyneth Paltrow) ඇතුළු හොලිවුඩ් පුරවරයේ ජනප්‍රියම නිළියන් ඇතුළු නිළියන් ගණනාවක්‌ පසුගිය සතිය ඇතුළත ලිංගික හිංසන චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ඔහු විසින්ම නිර්මාණය කරන ලද ‘ද වයින්ස්‌ටයින් සමාගම් (The Weinstein Company) විසින් හාවි වයින්ස්‌ටයින් (Harvey Weinstein) සිය සමාගමෙන් ඉවත් කරනු ලැබ තිබේ.

ජනප්‍රිය ඇමෙරිකානු නිළියක වන රෝස්‌ මැක්‌ගොවන් (Rose McGowan) ඔහුට එරෙහිව සිකුරාදා (ඔක්‌තෝබර් 13) එල්ල කළ දූෂණ චෝදනාව මේ ආන්දෝලනයේ අලුත්ම සිදුවීමය. ට්‌විටර් පර්වුඩ ගණනාවක්‌ මගින් සිය චෝදනාව එල්ල කළ හොලිවුඩ් නිළිය, තමන් ඒ පිළිබඳව චෝදනාව මුලින්ම එල්ල කළ අවස්‌ථාවේ එය නොසලකා හැරි බවට ඇමසෝන් ස්‌ටුඩියෝ (Amazon Studio) හි ප්‍රධානී රෝයි ප්‍රයිස්‌ (Roy Price) වෙත ද චෝදනාවක්‌ එල්ල කොට තිබේ. Image copyright Getty Images චිත්‍රපට නිෂ්පාදිකාවකට ලිංගික හිරිහැර කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් මේ වනවිට රෝයි ප්‍රයිස්‌ ද අනිවාර්ය නිවාඩු යවා තිබේ. හාවි වයින්ස්‌ටයින් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා ප්‍රතික්‌ෂේප කරන අතර, රෝයි ප්‍රයිස්‌ මෙතකේ ඒ පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ කොට නැත. මේ අතර හාවි වයින්ස්‌ටයින් එරෙහි චෝදනා පිළිබඳව බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පොලිසිය විශේෂ විමර්ශන කිහිපයක්‌ම දියත් කොට තිබේ. ඒ අතර ( 2004 දී එල්ලවුණු ලිංගික හිංසන චෝදනාවක්‌ පිළිබඳ විමර්ශන යළි ආරම්භ කළ නිව්යෝක්‌ පොලිසිය, ඒ හා සම්බන්ධ අලුත් චෝදනා තිබේ දැයි සලකා බලමින් සිටියි. 80 දශකයේදී ඔහුට එරෙහිව එල්ල වූ ලිංගික හිංසන චෝදනාවක්‌ පිළිබඳ විමර්ශන ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය යළි ආරම්භ කළේය. ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අමතමින් ට්‌විටර් පණිවුඩ කිහිපයක්‌ නිකුත් කළ රෝස්‌ මැක්‌ගොවන් නිළිය, සිය චෝදනා නොතකා හාවි වේන්ස්‌ටයින් සමග දිගටම ගනුදෙනු කිරීම පිළිබඳව සමාගම දැඩි විවේචනයට ලක්‌ කර තිබේ. වයින්ස්‌ටයින් මාව දූෂණය කළා කියල ඔබේ ස්‌ටුඩියෝ එකේ ලොක්‌කට මම කීව, “ඇය සඳහන් කරයි.”

දිගින් දිගටම කිවුව. ඒක ඔප්පු වෙලා නෑ කියල ඔහු කිවුව. මම කිවුව මම තමයි සාක්‌කිය කියල.”

මේ අතර පරුෂ වචන පවා යොදාගනිමින් ට්‌විටර් ජාලය ඔස්‌සේ ඇය එල්ල කළ චෝදනා හමුවේ ඇයගේ ට්‌විටර් ගිණුම තාවකාලිකව අවහිර කරනු ලැබීමෙන් අනතුරුව #WomenBoycottTwitter හෑෂ්ටෑගය යොදාගනිමින් ඇතැම් කාන්තාවෝ ට්‌විටර් වර්ජනයක ද නිරතව සිටිති.

hollywood2

වයින්ස්‌ටයින්ට එරෙහි චෝ

දනා පිළිබඳව ද නිව්යෝකර් (The New Yorker) සඟරාව පළ කළ ගවේෂණාත්මක වාර්තාවක්‌ ප්‍රකාර කාන්තාවන් තිදෙනෙක්‌ මීට ඉහතදී ඔහුට දූෂණ චෝදනා එල්ල කොට තිබේ.

ඉතාලි ජාතික ආසියා අර්ජෙන්තො (Asia Argento), එවකට

නිළියක වීමට උත්සාහ දැරූ ලුසියා එවන්ස්‌ (Lucia Evans) සහ සිය අනන්‍යතාව හෙළි නොකළ කාන්තාවක්‌ ඒ තිදෙනාය. 1990 සහ 2015 අතර කාලයේදී හාවි වයින්ස්‌ටයින් තමන්ට ලිංගික හිරිහැර හෝ අතවර කළ බවට තවත් කාන්තාවන් දස දෙනෙකු ලිපියේ කතුවරිය සමග පැවසූ බවත් සඟරාව වාර්තා කොට තිබේ. පසුගිය ඔක්‌තෝබර් 05 වෙනි දින වයින්ස්‌ටයින්ට එරෙහි ලිංගික අතවර චෝදනා මුලින්ම වාර්තා කරනු ලැබුවේ ද නිව්යෝක්‌ ටයිම්ස්‌ (The New York Times) පුවත්පත විසිනි. සිය ප්‍රකාශකයෙකු මාර්ගයෙන් එම චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වූ වයින්ස්‌ටයින් අවධාරණය කරන්නේ ඕනෑම කාන්තාවක සමග තමන් ලිංගික සම්බන්ධතා පැවැත් වූයේ ඔවුන්ගේ කැමැත්තෙන් බවය.

බී.බී.සී(divaina )