රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන චෙච්නියානුවකුගේ බිරිය වූ අමීනා ඔකුසේවා යුක්‌රේනයේ කිව් අගනුවර අසලදී ඝාතනය වී ඇත.

ඇය සිය සැමියා සමඟ මෝටර් රියකින් ගමන් කරන අවස්‌ථාවේ සැඟවී සිටි අයෙක්‌ වෙඩි තබා තිබේ.

එහිදී සැමියා වූ අඩම් ඔක්‌මායෙව් බරපතළ තුවාල ලබා ඇත. මේ වෙඩි තැබීමට රුසියාව සම්බන්ධ බව යුක්‌රේන් පොලිසිය කියා සිටී.

එහෙත් රුසියානු රජය පැවසුවේ 2012 දී මොස්‌කව් නුවරදී බෝම්බයක්‌ පුපුරුවා ජනාධිපති පූටින් ඝාතනය කිරීමට ඇය සම්බන්ධ බවයි.

යුක්‌රේන හමුදාවට සම්බන්ධ අමීනා සහ අඩම් යුක්‌රේනයේ ප්‍රසිද්ධියට පත්ව ඇති යුවළකි.

පසුගිය ජුනි මසද නාඳුනන තුවක්‌කුකරුවකු සිදුකළ වෙඩි තැබීමකින් මෙම යුවළ තුවාල ලබා දිවි ගළවාගෙන තිබුණි. මෙම ඝාතනය සම්බන්ධයෙන් යුක්‌රේන් ආණ්‌ඩුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.