ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින මහින්ද පිල තුල ඉදිරි පලාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සකස් කිරීමේදී බරපතල ගැටුමක් නිර්මාණයවී ඇතිබව වාර්තාවේ. මෙහිදී කැපී පෙනෙන ප්‍රධාන අර්බුදය නිර්මානය වී ඇත්තෙ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ සමගයි. මුළු අපේක්ෂක ප්‍රමාණයෙන් අපේක්ෂකයින් 750ක් තම පක්ෂයට අවශ්‍ය බව වීරවංශ ඉල්ලා සිටීමත් සමග බැසිල් රාජපක්ෂ එය දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ. අපේක්ෂකයින් 750ක් හොයා ගන්න බැරි පක්ෂයක් වන ජනිපෙ මෙලෙස කේවල් කරන්නේ මහින්ද පිලේ අපේක්ෂකත්වය නොලැබෙන ශ්‍රිලනිප අයට ජනිපෙ හරහා අපේක්ෂකත්වය ලබාදීමට බවද බැසිල් ප්‍රකාශ කරයි.

මෙම තත්වය තුල විමල් වීරවංශ සහ ශ්‍රිලනිප කණ්ඩායම අතර දැඩි ගැටුමක් නිර්මානයවී ඇති අතර එය පසුගිය 12දා අනුරාධපුරයේ පැවති මහින්ද පිලේ රැලියෙන්ද තුලද ඉස්මතුවිය. මෙම ගැටුමේ ප්‍රථිපලයක් ලෙස විමල් වීරවංශ එම රැලියට පැමිනෙන්නෙ ප්‍රමාදවී වන අතර වෙනදා මහින්ද රාජපක්ෂ අසලම අසුනක් හිමිවන ඔහුට මෙවර අසුන් ගැනීමට සිදුවුයේ මහින්දානන්ද අලුත්ගමගේ අසුන්ගෙන සිටි ස්ථානයටත් එහායින් පිහිටි ස්ථානයකය.

තම පක්ෂයට අපේක්ෂකයින් 750ක් නොලැබෙන්නේනම් පලාත් පාලන මැතිවරනය සදහා වෙනම තරග කරන බව පවසමින් වීරවංශ කේවල් කරමින් සිටන බවත් බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ වෙනම තරගකර පක්ෂයේ තරම රටට පෙන්වන ලෙසය. මේ අතර මහින්ද පිලේ ශ්‍රිලනිප ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු පවසා ඇත්තේ බල්ලා විසින් නකුට වනනවා මිස නකුටට බල්ලා වැනිය නොහැකි බවයි. මීට පෙර මැතිවරණ වලදීද මෙලෙසම කේවල්කර අපේක්ෂකයින් ලබාගෙන ශ්‍රිලනිප අය ජනිපෙට බිලිබා ගැනිම සිදුකල බවත් මෙවර ඒ සදහා කෙසේවත් ඉඩ ලබා නොදෙන බවද එම මන්ත්‍රිවරයා පවසයි.