සිම්බාබ්වේ ආණ්ඩුවේ රුපවාහිනී මධ්‍යස්ථානයට එරට හමුදාව කඩා වැදී ඊයේ රාත්‍රී එය අල්ලාගෙන තිබෙන අතර එහි ජනාධිපතිවරයාගේ නිවස අසලින් වෙඩි හඬ ඇසුණු බව වාර්තා වේ.
අග නුවර වන හරාරි නගරයෙන්ද පිපිරුම් හඬ ඇසුණු බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි .ඊයේ දවස පුරා නගරයට යුධ ටැංකි පැමිණ තිබේ.

සිම්බාබ්වේ තිබු බ්‍රිතාන්‍ය පාලනය පරදා බලයට පැමිනි රොබට් මුගාබේ එක දිගට අවුරුදු 37 ක් රට පාලනය කර තිබේ.

ඔහුගේ පාලනය සමය තුල ආර්ථිකය මහා පරිමාණයෙන් කඩා වැටි ඇත.

ගිය සතියේ එරට උප ජනාධිපතිවරයා එම තනතුරෙන් මුගාබේ විසින් නෙරපා හැරීම නිසා රට අස්ථාවර වී තිබේ. එරට හමුදාපතිවරයා එයට දැඩි ලෙස විරෝධය පළකර තිබිණ

අවුරුදු 96 ක් වයසැති මුගාබේ රටේ පාලනය සිය බිරිඳට භාර දීමේ අරමුණෙන් උප ජනාධිපතිවරයා ඉවත් කල බවට චෝදනා නැගී තිබේ .

පින්තුරයේ සිටින්නේ මුගාබේ සහ බිරිඳය