ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ කැඳවා තිබූ රැස්වීමක් අතරතුර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැමිණ ඇති අතර, එහිදි ඔහු ආණ්ඩුව තුළ පවතින අර්බුධ දැඩි ලෙස විවේචනය කර ඇති බවටයි වාර්තා වන්නේ. එහිදි තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට ද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනද එය නිවැරදි නොවන බව ඒකාබද්ධයේ මන්‍රත්‍රීවරුම තහවුරු කරයි.

කෙසේ වෙතත්, ඔවුන් කියා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැමිණි අතර එහිදි ඔහු ආණ්ඩුව තුළ පවතින අර්බුධ පිළිබඳව ද ප්‍රකාශ කළ බවයි. ඔහු එහි පැමිණ ඇත්තේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග වැදීම සදහා වූ යෝජනාවක් රැගෙන වුවත් එහි සිටි ඒකාබද්ද මන්ත‍්‍රී අති බහුතරය විරුද්ද වී ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.