නිමාවූ දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජය පිළිබඳව ක්‍රීඩකයන් ලැජ්ජාවට පත්විය යුතු බව ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතාස් පවසයි. තරගයේ නිමාවෙන් පසුව   පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රතිඵලය කෙසේ වුවත් පෝතාස් අවධාරණය කළේ මාස හයක් තුළ අවස්ථා දෙකකදී ඉන්දියාව සමග ක්‍රීඩා කිරීමට හැකිවීම ශ්‍රී ලංකාවට දිගු කාලීනව උපකාර වන බවයි.

“මම ඔවුන්ට කීවද 61% ක් ලකුණු හයේ හා හතරේ පහරවලින් ලබා ගන්න කියලා?  නෑ… ඔබ  වැඩි ලකුණු ප්‍රතිශතයක් ලෝකයේ හොඳම කණ්ඩායමට එරෙහිව හයේ හා හතරේ පහරවලින් ලබා ගැනීමට උත්සාහ කරනවානම් ඔබ විශාල කරදරයකට පත්වෙනවා.  ඉන්දියාව ලකුණු 610 ක් රැස්කළා, ඔවුන් හයේ හා හතරේ පහර එල්ල කළේ 37%ක් පමණයි.  අපි මේ ලෝකයේ ඉහළම පිතිකරුවන් ගැන කතා කරන්නේ. ඔවුන්ට 37%යි.

“ඔබට අවශ්‍ය සියල්ලම කතා කළ හැකියි. ඔබට ගොඩක් සැලසුම් කළ හැකියි. නමුත් ඔබ විසින් එය දිනය අවසානයේදී ක්‍රියාත්මක කළ යුතුයි. ක්‍රීඩකයෙකු වශයෙන් ඔබේ මුදල ලකුණු, කඩුලු හා උඩපන්දුය.  ඔබ කැමති ඕනෑම දෙයක් කරන්න පුළුවන්.  නමුත් ඔබ ඒවා නිෂ්පාදනය නොකරන්නේ නම් පැහැදිලිවම විපාක ජනනය වනු ඇත”

“දැඩිව කලකිරීමට පත් වේලා ඉන්නේ. මොකද අපි ගොඩක් වැඩ කරනවා. එය  ලැජ්ජා සහගත දෙයක්. ක්‍රීඩකයන් ඔවුන්ගේම කාර්ය සාධනය ගැන කනගාටුවිය යුතුයි.  ඔබ දැල තුළ පුහුණුවීම් කළත් වැඩක් නෑ ලකුණු පුවරුවට ලකුණු එන්නේ නැත්නම්.”

“ඉන්දියාව වැනි කණ්ඩායමක් සමග ක්‍රීඩා කරන විට ක්‍රිකට් කියන්නේ චෙස් ක්‍රීඩාවක්. එක් කණ්ඩායමක් යම් පියවරක් යනවානම් ඔබට එයට වඩා හොඳ පියවරක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඔබ බසයෙන් වැටේවි. මේ මොහොතේදී අපි වෙනස්කම් ගැන අවධානය යොමුකරනවා. කවුද එකම චලනයක් කරන්නේ, කවුද දක්ෂතා නොදක්වන්නේ කියා.” යනුවෙන් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පෝතාස් සඳහන් කළේය.