සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 400 ක ප්‍රතිපාදන මත පොළොන්නරුව මහ රෝහල් භූමියේ ඉදිකරන ආඝාත ප්‍රතිකාර සංකීර්ණය, රක්තවාතවේද සහ ප්‍රනරුත්ථාපන ඒකකය, චිකිත්සක ඒකකය, ආඝාත සහ ස්නායු වෛද්‍ය ඒකකය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන්  (06) දහවල් සිදු කරන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, චීන ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලී සියෑන් ලිං මහතා, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතා, රාජ්‍ය නිලධාරීන් සහ විශාල ජනකායක් එක්ව සිටියහ.