සංචාරක කටයුතු අමාත්‍යාංශය සහ දිවයිනේ ප්‍රධාන පෙළේ වෙළෙද සමාගම් සංවිධානය කළ කොළඹ නත්තල් කළාපය විවෘත කිරිම සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – එකම රටක ජනතාව නත්තල සමරනවා. සාමය සහ සහජීවනයෙන් යුතුව නත්තල සමරන ජනතාවට මම සුබපැතුම් එක් කරනවා. ජනතාවගේ මානව අයිතිවාසිකම් වත්මන් රජය විසින් ලබා දී තිබෙනවා. විදේශ රටවලිනුත් එය අගය කරනවා. ශ්‍රී ලංකාව සාමකාමී රටක් ලෙස විදේශ රටවල් හදුන්වනවා. මම බෞද්ධයෙක් වුනත්, අමාත්‍ය ඡෝන් අමරතුංග මහතා සහ දිනේෂ් වීරක්කොඩි මහතා වසර 03 ක කාලයක් පුරා මෙම නත්තල් කළාපය විවෘත කරන්න මට ආරාධනා කරනවා. අපි අතර තිබෙන්නේ මිත්‍රත්ත්වයක්. මෙම නත්තල් කළාපයට පෞද්ගලික අංශයේ ද දායකත්වය ලැබී තිබෙනවා. පෞද්ගලික අංශයේ දායකත්වය තුලින් රට සංවර්ධනය කළ යුතුයි. එය ඉදිරියට සිදු කිරීමට රජය කැප වී සිටිනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය ඡෝන් අමරතුංගඅග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩිප්‍රධාන පෙළේ වෙළෙද සමාගම්වල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ