අදට යෙදෙන නත්තල් දිනය නිමිත්තෙන් සිරකරුවන් 510 දෙනෙකුට නිදහස ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එළිමහන් සිරකඳවුරු සහ බන්ධනාගාර 28ක රඳවා සිටි සිරකරුවන්ට මෙලෙස නිදහස ලැබෙනු ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.