ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යා හැක්කේ ඡන්ද අපේක්ෂකයන්ගේ නියෝජිතයන් දස දෙනකුට පමණක් බවත් ඊට වැඩියෙන් ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යන්නේ නම් එය නීනි විරෝධි පෙළපාලියක් රැස්වීමක් ලෙස සලකා නීති ප්‍රකාරව කටයුතු කර අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ  (27) මැතිවරණ මහලේකම් කාර්යාලයේදි මැතිවරණ කොමිසම සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒමහතා මෙසේද කීය….මැතිවරණ පැමිණිලි මේ දක්වා 25ක් ලැබී ඇති අතර එම පැමිණිලි විසි පහට අදාළව සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට එම සැකකරුවන් ඇප මත සිටින අතර එම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මැතිවරණ අපෙක්ෂකයන් බවද ඒ මහතා පැවසීය.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සම්බන්ධයෙන් පොලිසිය වැටලීම් දොළහක් මේ කාලපරිච්ඡේදය තුළ සිදු කර සැකරුවන් 29දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද හෙතෙම පැවසීය.

ලියාපදිංචි නොකල වාහනයක් මැතිවරණ කටයුතු වලට යොදා ගැනීම තහනම් වන අතර එවැනි වාහනයක රියදුරු සහ වාහනය පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය. විවිධ ජාතීන්, ආගම්, පන්තීන් අතර ‍ද්වේශ සහගත වෛරී සහගත ආරවුල් සහ නොසන්සුන් කාරී ක්‍රියා ඇතිකරන සහ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද කීය.

කාන්තා අපේක්ෂිකාවන්ට සිදුවන වරදවල් පැමිණිලි කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග අනුව කාන්තා හා පොලිස් කාර්යාංශයේ විශේෂ දුරකථන අංක0113024884 විවෘත කර ඇත.

පොස්ටර් කටවුට් ඉවත් කිරීම සඳහා දිවයින පුරා කම්කරුවන් 1041දෙනෙකු යොදවා ඇති අතර ඔවුන් සඳහා දිනකට රුපියල් 1068ක මුදලක් ගෙවන අතර අවශ්‍ය වුවහොත් ඒ සඳහා තවත් කම්කරුවන් යොදවන බවද හෙතෙම කීය.

ප්‍රචාරක රැස්වීමන් සඳහා දේශපාලන පක්ෂ නිර්මාණය කරන පෝස්ටර් සඳහා ඇතුළත්විය කරුණු පිළිබඳ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිසම ඉදිරියේදි ක්‍රියා කරයි.