සාධාරණ සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමේ අරමුණින් අද (1දා) සිට පළාත් පාලන මැතිවරණයේ සියලු කටයුතු අවසන් වන තෙක් රටේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

දේශපාලනය මුවාවෙන් රටේ නමගිය අපරාධකරුවන් විවිධ අපරාධයන්ට පෙලඹීම මර්දනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සීරුවෙන් තැබීමටද ආරක්ෂක අංශ ප්‍රධානීන් පියවර ගෙන ඇත.

විශේෂයෙන් දේශපාලන අසමතුලිතයන් පවතින යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලනඥයන්ට මුවා වී කඩු කිණිසි කල්ලි යළි සන්නද්ධ වීමට ඉඩකඩ ඇති හෙයින් එම දිස්ත්‍රික්කය තුළද ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
නමගිය අපරාධකරුවන් වැඩි වශයෙන් ගැවසෙන දකුණු පළාතේද මෙම කාල සීමාවේ පාතාල ගැටුම් වර්ධනය වීමට ඉඩකඩ ඇති හෙයින් එම පළාතට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ආරක්ෂාව තර කිරීමටද කටයුතු යොදා ඇත.

දිවයිනම ආවරණය වන පරිදි දිවා – රාත්‍රි හදිසි මාර්ග බාධක, යතුරුපැදි සංචාර, ජංගම රථ සංචාර, පාපැදි සංචාර, සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් හඳුනාගත් ප්‍රදේශවලට ස්ථාන ගත කිරීම ආදී
ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

පෙබරවාරි 10දා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන අතර එහි ප්‍රතිඵල නිකුත් වී දින කිහිපයක් යන තෙක් මෙම ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණයෙන් හා උපදෙස් මත මෙම විශේෂ