ශ්‍රී ලංකාව ඇතුලූ ප්‍රතිලාභ ලබන රටවල් ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය යළි බලාත්මක කරගැනීමට අපේක්ෂා කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඇමරිකානු තානාපති කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේ එය හෙට සිට ක්‍රියාත්මක නොවන බවයි.

මෙරට සමස්ත අපනයනවලින් සියයට 27.5 ක් ඇමරිකාවට අපනයනය කෙරෙන අතර, පසුගිය වසරේ එමඟින් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක්.

මේ වසරේ පළමු මාස 10 තුළ එම අපනයන වලින් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.4 ක් උපයාගෙන තිබේ.

කෙසේ වෙතත් රජය පවසන්නේ එක්සත් ජනපදයෙන් ජී.එස්.පී. සහනය බලාත්මක කිරීම අත්හිටවූ පළමු අවස්ථාව මෙය නොවන බවයි.