ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව සාධාරණ සහ අපක්‍ෂපාතී මැතිවරණයක්‌ පැවැත්වීම සඳහා 2017 දෙසැම්බර් 04 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට්‌ මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (02 වැනිදා) අරලියගහ මන්දිරයේදී අත්සන් තැබීමට නියමිතය.

අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය ලද මෙකී උපමානයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීම තුළින් නීත්‍යානුකූලතාවය ලබන අතර මෙම මාධ්‍ය උපමානවලින් බැඳී සිටීම සියලුම මාධ්‍යයන්හි යුතුකමක්‌ පමණක්‌ නොව වගකීමක්‌ද වන්නේය.

මේ තුළින් ඉදිරියේදී පැවැත්වෙන සියලුම මැතිවරණ සාධාරණ හා නිදහස්‌ව පැවැත්වීමේ එක්‌ අංශයක්‌ වන ජනමාධ්‍ය භාවිතාවේ අපක්‍ෂපාතීත්වය හා සාධාරණත්වය තහවුරු වනු ඇත. මෙය යහපාලනයේ තවත් එක්‌ ජයග්‍රහණයකි.