ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක්ව තිබේ.

ඊයේ (27දා) මාතර වැලිගම පිහිටි එජාප මැතිවරණ රැලියකදී ඔහු දැක ගැනීමට අවස්ථාව ලැබුණි.

මෙම රැලිය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එක්ව සිටියේය.සනත් මීට වසර කිහිපයකට පෙර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රිකකයට පළාත් සභා සඳහා තරඟ කොට ජය ලැබූ අතර පසුව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියට සමීපව කටයුතු කළේය.