ඉදිරි දින කිහිපයේදී තමන් දැඩි වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට කටයුතු කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

පළාත් පාලන මැතිවරණය ප‍්‍රතිඵලය අනුව මෙම තීරණය ගත්තේ යයි ජනාධිපතිවරයා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට කියූ බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.


ඇමති ධුරවලින් ඉල්ලා අස් වී ස්වාධීනව සිටීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් අතර මේ වන විට සාකච්චාවක් ඇතිව තිබේ.

ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී මේ ගැන අද දිනයේදී තීරණයක් ගන්නා බවද ඔහු පැවසීය.

තව දුරටත් වෙන්ව නොසිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කල යුතු බවටද සාකච්චාවක් ඇතිව තිබෙන බවද ඔහු වැඩි දුරටත් කීය.