ජනපති නිල නිවසේ දී අද (11) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවක් පවත්වා ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙහි දී ජනපති වරයා විසින් ශ්‍රීලංනිප ඇමතිවරුන් අමාතා තමන් කොයිම අවස්තාවක වත් දූෂිතයින් රැකීමට හෝ ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බව අවධාරණයෙන් කියා සිටියේය.

එමෙන් ම දූෂතයින් සමග ආණ්ඩු කිරීමට එකග නොවන බවත් තමන් සමග සිටින පුද්ගලයින් කුමණ හෝ  දූෂිතයෙක්, හොරෙක් සමග එක් වුවත් විරුද්ධත්වයක් නොමැති බවත් තමන් තනිව හෝ  මේ දූෂිතයින්ට එරෙහිව ඉදිරි වසර කිහිපය කටයුතු කර මේ රට හොරුන්ගෙන්, වංචාකාරයින්ගෙන් හා දූෂිතයින්ගෙන් තොර රටක් බවට පත් කරන බව කියා සිටියේ ය.

ඒ සදහා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් කටයුතු කරන අතර තම ජීවිතය පූජා කර හෝ එම පරිත්‍යාගය කර රටේ ජනතාවට 2015 දුන් පොරොන්දුව ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ කරන බව ප්‍රකාශ කරන ලදි.

———–

ජනපති  හා අගමැති හමුවක්

ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍ය තුමන් අතර අද (11) සවස විශේස හමුවක් පවත්වා ඇති බවට වාර්තා වේ.

ජනපති නිල නවසේ දී මෙම විශේෂ හමුවීම පවත්වා ඇති අතර ආණ්ඩුව ඉදිරියටත් කරගෙන යාම සම්බන්ධයෙන් ජනපති වරයා හා අග්‍රාමාත්‍යවරයා විසින්  සාකච්ඡා කරන ලදි.

මෙම හදිසි සාකච්ඡාවේදී වැදගත් තීන්දු තීරණ කිහිපයක් ද ගෙන තිබේ.

ඒ අනුව පලාත් පාලන ආයතන බහුතරයක් පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කලද සම්මුතිවාදී ආණ්ඩුව ඒ ලෙසම පවත්වාගෙන යාමට ජනපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවයකට පැමිණි ඇත.

එමෙන්ම  ජනපතිතවරයා විසින් දූෂිතයින්ට, හොරුන්ට ඉදිරියේ දී නීතිය තදදින්ම ක්‍රියාත්මක කරන බව ද දැඩිව ප්‍රකාශ කර ඇත.

යහපාලනයට එරෙහිව කටයුතු කරනු ලබන ශ්‍රීලනිප ඇමතිවරුන් හට රජයෙන් ඉවත් වීමට කිසිදු බාධාවක් නොමැති බව ජනපති මෛත්‍රී සඳහන් කර ඇත.

ඔවුන් රජයෙන් ඉවත්ව ගියද එජාප – ශ්‍රීලනිප සම්මුතිවාදී රජය එලෙසම පවත්වාගෙන යන බවද දැනුම් දී ඇත.

එසේම ඉදිරියේදී දැඩි තීන්දු තීරණ රැසක් ගෙන ඒමට ද්වීපාර්ශ්වික එකඟතාවකට අද (11) පැමිණ ඇති බව තොරතුරු අනාවරණය වේ.