ක්‌ලිෆර්ඩ් කුසලාන අවසන් මහා තරගයේදී නාවික හමුදා කණ්‌ඩායම ලකුණු 21-7 ක පරාජයට ඇද දැමූ ප්‍රබල මහනුවර කණ්‌ඩායම අදාළ ශූරතාව දිනා ගැනීමට ඊයේ (25දා) සමත් විය.

කොළඹ සී.ආර්. ඇන්ඩ් එඵ්.සී. පිටියේ පැවැති අදාළ තරගයේදී ජයග්‍රාහී මහනුවර උත්සාහක දිනුම් තුනක්‌ සහ දඬුවම් පහර දෙකක්‌ සමගින් ලකුණු රැස්‌කරන අතරවාරයේ නැවියන්ට සාර්ථක කරගත හැකිවූයේ උත්සාහක දිනුමක්‌ සහ එම ගෝල ප්‍රවර්තනය පමණි.

ගයාන් වීරරත්නගේ අගනා පන්දු යොමු කිරීම ධනුෂ්ක රංජන් විසින් උත්සාහක දිනුමක්‌ බවට පහසුවෙන් පරිවර්තනය කිරීමත් සමඟ තරගයේ ලකුණු පුවරුව 5-0 ක්‌ ලෙස මහනුවරට වාසි සහගත අයුරින් ක්‍රියාත්මක විය.

අනතුරුව පළමු භාගයට මොහොතකට පෙර නයිජල් රත්වත්තේගේ පාදයෙන් වාර්තා වූ දඬුවම් පහරත් සමග පළමු භාගය ලකුණු 8-0 ක්‌ ලෙස මහනුවර පෙරමුණේ තබමින් අවසන් විය.

දෙවැනි භාගය ආරම්භයේදීම උත්සාහක දිනුමක්‌ සහ එම ගෝල ප්‍රවර්තනය සාර්ථක කරගත් නාවික හමුදාව මහනුවර දෙසට පීඩනය යොමු කළේ ආක්‍රමණකාරී ක්‍රීඩා රටාවක නියෑලෙමින්ය.

නැවතත් සිය කණ්‌ඩායමට අත්‍යාවශ්‍ය මොහොතකදී ලකුණු පුවරුව ඉහළ දැමූ ධනුෂ්ක රංජන් තරගයේ වාර්තා කරන ලද දෙවැනි උත්සාහක දිනුම සිය නම ඉදිරියේ සටහන්කරගත් නමුත් තරමක අපහසු එල්ලයක්‌ ඔස්‌සේ පැවැති අදාළ ගෝල ප්‍රවර්තනය තිළිණ වීඡේසිංහගේ පාදයෙන් ගිලිහී ගියේය. ඒ වනවිට දෙපිලේ ලකුණු තත්ත්වය 13-7 ක්‌ ලෙසින් දැක්‌විණි.

61 වැනි මිනිත්තුවේදී ෙඩ්‍රාප් ගෝල් අවස්‌ථාවක්‌ ලබා ගැනීමට තිළිණ විඡේසිංහ ගත් උත්සාහයේදී පන්දුව ගෝල කණුවේ වැදී ඉන් ඉවතට විසි වූයේය. කෙසේ නමුත් 63 වැනි මිනිත්තුවේදී ලද අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් තිළිණ විඡේසිංහ දඬුවම් පහරක්‌ මගින් සිය කණ්‌ඩායමේ ලකුණු තත්ත්වය 16-7 ක්‌ ලෙසින් ඉහළ දැමුවේය.

එහිදී මහනුවර පිලේ ජය තහුවරු කරමින් කණ්‌ඩායම වෙනුවෙන් වාර්තා වූ අවසන් උත්සාහක දිනුම වාර්තා කිරීමට ශෙහාන් පතිරණ සමත් විය.

මරීජා ශූරතාව සමගින් මහනුවරට සමුදෙයි

සුපිරි රග්බි ක්‍රීඩක ෆdසිල් මරීජා මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ලද අවසාන තරගය මෙම තරගය වූ අතර ලීග් සහ ක්‌ලිෆර්ඩ් කුසලාන යන ශූරතාව දෙකම දිනා ගනිsමින් ඔහුගේ සමුගැනීම සිදු කිරීමට ලැබීම විශේෂත්වයක්‌ බවට පත්විය.

මරීජා අඛණ්‌ඩව අවුරුදු 14 ක්‌ මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය සේවය සපයා තිබේ.